මේ නිෂ්පාදන දිත්වයම ලංකාවේ විතරක් නෙමෙයි රට පුරා ගොඩක් ජනප්‍රියයි. ඉතින් කොරියාවේ වැඩියෙන්ම භාවිතා කරන COSRX Brand එකෙන් හදන මේ මේ නිෂ්පාදන වල අන්තර්ගතය වන Snail Mucin එක කියන්නේ ඒ කියන්නේ ගොලුබෙලි සාරය කියන්නේ අපේ සමට ගොඩක් ප්‍රතිලාභ දෙන අමුද්‍රව්‍යයක්.
අපේ හමට හොද Hydration එකක් වගේම සම හොදින් සිනිදු කරන්නට සමට හොද Plumped ගතියක් ලබා දෙන්න පුලුවන් Ingredient එකක් තමයි මේ Snail Mucin කියන්නේ. ඒ වගේම අපේ හමේ Collagen සෑදීම වැඩි කරන්න, Hyper pigmentation තත්වයන් සුවපත් කරගන්න වගේම අපේ සමට හොද දීප්තිමත් භාවයක් ලබා දෙන්නත් මේ Snail Mucin වලට පුළුවන්.
ඉතින් මේ නිෂ්පාදන දෙක ගැන කතා කරද්දී මුලින්ම අපි එහි Texture එක ගැන කතා කලොත් COSRX Advanced Snail 96 Mucin Power Essence එකේ තියෙන්නේ ගොඩක් Lightweight water type එකක් තමයි තියෙන්නේ ඒ වගේම COSRX Advanced Snail 92 All in one Cream එකේ තියෙන්නේ Thick gel formula එකක්.

ඉතින් මේ නිෂ්පාදන දෙකම ඕනෑම සමකට භාවිතා කරන්න පුළුවන් නිෂ්පාදනයන් දෙකක්.
COSRX Advanced Snail 96 Mucin Power Essence නිෂ්පාදනය ඔයාට මුහුණ සෝදලා, ටෝනර් භාවිතයෙන් පසු හෝ මුහුණ සේදීමෙන් පසුව වුනත් ආලේප කරන්න පුළුවන්. විශේෂම දේ තමයි මේ Power Essence එක භාවිතා කරද්දි ඔයාගේ මුහුණේ තතමණයක්, ඒ කියන්නේ යම් වතුර ගතියක් තියෙන්න ඕනේ. මොකද එතකොට තමයි මේ නිෂ්පාදනය හොදින් ඔයාගේ සමට හොදින් උරා ගන්නේ.
හැබැයි COSRX Advanced Snail 92 All in one Cream නිෂ්පාදනයට එහෙම අවශ්‍ය වෙන්නේ නැ. මේ නිෂ්පාදනය භාවිතා කරනවා නම් මුහුණ සෝදලා, ටෝනර් කරලා,ඊලගට COSRX Advanced Snail 96 Mucin Power Essence භාවිතා කරනවනම් අර කලින් සදහන් කරපු විදිහට ආලේප කරලා ඊට පස්සේ සීරම් එකක් භාවිතා කරනව නම් ඒක භාවිතා කරලා අවසන් කරලා COSRX Advanced Snail 92 All in one Cream නිෂ්පාදනය ඔයාට භාවිතා කරන්න පුළුවන්.
ඉතින් ඔයාට මේ නිෂ්පාදන දෙකම උසෑදන වගේම රාත්‍රී කාලයේදීත් භාවිතා කරන්න පුළුවන් කිසිම ගැටළුවක් නැතිව.
විශේෂයෙන් මේ නිෂ්පාදන දෙකේම Artificial active ingredients කිසිවක් අනතර්ඝත නොවෙන නිසා ඔයාට තවත් ඕනෑම නිෂ්පාදනයක් සමග මේ නිෂ්පාදන දෙක භාවිතා කරන්න පුලුවන් කම තියෙනවා.
ඒ වගේම ඔයාලට Power Essence එක මේකප් කරන්න කලින් Primer එකක් වශයෙන් වුනත් භාවිතා කරන්න පුළුවන්. මොකද මේ Power Essence එක සම හොදට Smooth කරන නිසා. ඒ වගේම මේ නිෂ්පාදන දෙකටම හොද Anti aging properties අඩංගු වෙලා තියෙනවා. ඒ නිසා වයසට යෑම පාලනය කරන්න පුළුවන් හොද ප්‍රථිපලදායක නිෂ්පාදන දෙකක් තමයි මේ COSRX Power Essence එක වගේම All in one Cream එකත්.
තව මේ ගැන කියනව නම් All in one Cream එක Hypo-Allergenic ingredients වලින් නිෂ්පාදනය කරලා තියෙන්නේ ඒ නිසා ඕනෑම අධික සංවේදී සමකට උනත් මේ නිෂ්පදනය භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ සම ගොඩක් වේලෙනව නම් මේ All in one Cream එක නියම විසදුමක් හැබැයි එහෙමයි කියලා ඔයාගේ සම Oily Skin එකක් නම් ඔයාටත් මේක භාවිතා කරන්න බැරි නැහැ. මේ නිෂ්පාදන වලින් ඔයාගේ මුහුණේ තෙල් ගතිය පාලනය කරනවා. ඉතින් ඕනෑම කෙනෙක්ට මේ නිෂ්පාදනය භාවිතා කරන්න පුළුවන්.
ඉතින් මේ නිෂ්පාදන දෙකම ඔයාට භාවිතා කරන්න පුළුවන් ඉක්මන් හා සාර්ථක ප්‍රථිපල ලබා ගන්නට. නැතිනම් ඔබේ කැමැත්ත අනුව නිෂ්පාදනය තෝර ගන්නත් පුළුවන්.
ඉතින් විශ්වාසනීය නාමයකින් මේ නිෂ්පාදන මිල දී ගන්නවා නම් අපේ Errita.lk සමගින් මිල දී ගැනීම සිදු කරන්න. ව්‍යාජ අනුකරණ වලට රැවටෙන්නේ නැතුව බලය යත් කොරියානු අලෙවි නියෝජිතයින් හරහා ලංකාවේ ඔබේ අතට පත් වන Errita.lk ඔබට සැම විටම තත්වයෙන් උසස්ම නා නිවැරදිම තේරීම ලබා දෙන්නට කටයුතු කරනවා.
-
Product on sale
COSRX – ADVANCED SNAIL 96 MUCIN POWER ESSENCERs.5,800.00Rs.5,980.00 -
COSRX – ADVANCED SNAIL 92 ALL IN ONE CREAMFrom Rs.3,450.00
